හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ මහතා අදාළ නඩුවකට අනුව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට (NFF) ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කිරීමෙන් රජයට රුපියල් මිලියන 9ක පාඩුවක් සිදු කළ බවට කියන සිද්ධියට අදාළව මෙම නඩුව විභාගයට ගැනේ.