2026 ජූලි 31 සිකුරාදා, 20:46
නවතම පුවත්

හලාවත මහ රෝහල තාවකාලිකව වසා දමයි

හලාවත මහ රෝහල නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බව රෝහල් අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි.

අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, අධික ගංවතුර හේතුවෙන් රෝහල මේ වන විට අඩි පහකට වඩා ජලයෙන් යට වී ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අසාධ්‍ය රෝගීන් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මඟින් කොළඹ සහ පුත්තලම රෝහල් වෙත පිටත් කර යැවූ බව ඔහු පැවසීය. අනෙක් රෝගීන්, ගංවතුර මට්ටම් යම් තරමින් පහව යාමත් සමඟ නාවික හමුදාව හා යුද හමුදාව මැදිහත් වී වාරියපොල සහ කුරුණෑගල රෝහල් වෙත යැවීමට කටයුතු කර තිබේ.

ජලයෙන් යටවීම හේතුවෙන් රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රයට පවා හානි සිදුව ඇති බවත්, වාට්ටු ජලයෙන් පිරී යාමත් සමඟ බරපතල ගැටලු රැසකට මුහුණ දීමට සිදු වූ බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

රෝහල නැවත යථා තත්ත්වයට පත් කිරීමෙන් පසුව යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බවත්, එතෙක් කිසිදු රෝගියෙකු හලාවත මහ රෝහලට රැගෙන ඒමෙන් වළකින ලෙසත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories