අධික ජල ගැලීම් හේතුවෙන් මුලතිව් වට්ටුවාකල් පාලම ස්ථාන දෙකකින් කැඩී ගොස් ඇති බව දිස්ත්‍රික් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
මුලතිව් නන්දිකඩාල් කලපුව හරහා වැටී ඇති මෙම පාලම මුලතිව් නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයක් වන අතර, මුලතිව් සිට පරන්තන් දක්වා දිවෙන මාර්ගය මෙයට අයත් වේ.
පාලමේ කොටස් දෙකක් කැඩී යාම හේතුවෙන් පාලම හරහා ගමනාගමන කටයුතු සියල්ල සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.