ශ්රී ලංකා මහ බැංකුව පවසන්නේ ඊයේ (නොවැම්බර් 25) දින පැවති මුදල් ප්රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මුදල් ප්රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බවයි.
ඒ අනුව, ශ්රී ලංකා මහ බැංකුවේ එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේම නොවෙනස්ව පවතිනු ඇත.
දේශීය හා ගෝලීය ප්රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.
වත්මන් මුදල් ප්රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5%ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මණ්ඩලයේ විශ්වාසයයි.