2026 මාර්තු 24 අඟහරුවාදා, 20:50
නවතම පුවත්

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය , අද හොංකොං අභියෝගය

කටාර්හිදී පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය පළමු තරගයේදී පෙරේදා (නොවැම්බර් 15) ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 3ක තියුණු පරාජයක් ලැබීය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 170ක් රැස් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

වේගවත් ආරම්භයක් ලබාගත් විශේන් හැළඹගේ පන්දු 13කදී ලකුණු 28ක් රැස් කළේය. ලකුණු 39කට කඩුලු 4ක් බිඳ වැටීමෙන් පසු එක් වූ නුවනිඳු ප්‍රනාන්දු (39) සහ දුනිත් වෙල්ලාලගේ (33) ලකුණු 66ක සබඳතාවක් ගොඩනැගූහ. ඉනිම ගොඩනැගීමේදී මිලාන් රත්නායක පන්දු 19කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග වේගවත් ලකුණු 41ක් රැස් කළේය. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් බිලාල් සාමි කඩුලු 4ක් දවා ගත්තේය

ලකුණු 171ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්තානය, ආරම්භක පිතිකරු ඉම්රාන් (34), සෙදිකුල්ලා අතල් (54) සහ නායක දර්විශ් රසූලි (32) ගේ දායකත්වය මත ජයග්‍රහණය කරා ළඟා විය.

අවසන් පන්දුවාර කිහිපයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සාර්ථකව ලකුණු පාලනය කළද, අවසන් පන්දුවාරයේදී කඩුලු 4ක් අතැතිව ලකුණු 2ක ඉලක්කයක් ඇෆ්ගනිස්තානයට හිමි විය. දුනිත් වෙල්ලාලගේ ක්‍රියාත්මක කළ එම පන්දුවාරයේදී පස්වන පන්දුවේදී අවශ්‍ය ලකුණ ලබා ගනිමින් ඇෆ්ගනිස්තානය ජය තහවුරු කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තේය.

කණ්ඩායම් 8ක් සහභාගිවන මෙම තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් තරගවදින ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි තරගය අද (නොවැම්බර් 17) හොංකොං කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories