පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර, කඩිනමින් එම මැතිවරණය පැවැත්වීම සඳහා වන කටයුතු සිදුකිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අයවැය තුන්වන වර කියවීම හෙවත් අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භයට පෙර, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ කාරක සභා විවාදයේදී රාජ්‍ය පරිපාලන ඇමතිවරයා විසින් යෝජනා කළා විශේෂ තේරීම් කාරක සභා ක්‍රමයක්. ඒක කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් වෙනවා,” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.