විහාරමහා දේවී රංග භූමියේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කළ ප්රකාශයක් සම්බන්ධයෙන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නන්දන ගුණතිලක මහතා ඔහුට විවෘතව මරණ තර්ජන එල්ල කරන බවට චෝදනා කරයි.
ටිල්වින් සිල්වා මහතා මෙහිදී “අපේ ප්රතිපත්තියක් තියෙනවා, මොකක්ද? අපේ හතුරන්ට අපෙන් සමාවක් නෑ” යනුවෙන් ප්රකාශ කර ඇති අතර, නන්දන ගුණතිලක මහතා පවසන්නේ මෙය “හතුරව විනාශ කරන්න ලෑස්තියි” යන තර්ජනය බවයි.
නන්දන ගුණතිලක මහතා වැඩිදුරටත් කියා සිටින්නේ, ටිල්වින් සිල්වා මහතා ඝාතක කණ්ඩායම් හදා, රට පුරාම තෝරාගත් හතුරන්ව හඹා යමින් සිටින බවත්, එම ඝාතන කණ්ඩායමේ ප්රධාන ගෝලයින් ලෙස මංගල, ජගත් සහ මෙල් රෝයි කටයුතු කරන බවත්ය.
ඔවුන් තිදෙනා ප්රධාන ඉලක්ක බවට පත්ව සිටින බව පවසන නන්දන ගුණතිලක මහතා, ටිල්වින් සිල්වා මහතාට අභියෝග කරමින් කියා සිටින්නේ, “අපි ලෑස්තියි ටිල්වින්… එන්න, ඔයා අළුතින් ඉගෙනගෙන එන්න… අපි ඔයා වගේ අත් උස්සල, දන ගහල යටත් වුන උං නෙවෙයි. ඔයාට හොඳටම වැරදිලා” යනුවෙනි.