2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 22:26
නවතම පුවත්

අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට බලපෑම් කළ ප්‍රා.ලේ ලක්ෂෙක දඩ කයි

අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අනිසි ලෙස බලපෑම් කරමින් බාධා කිරීම හේතුවෙන්, උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මියට ඇගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් අදාළ ඉදිකිරීම් සමාගමට ගෙවන ලෙස අභියාචනාධිකරණය අද (නොවැම්බර් 07) නියෝග කළේය.

විදේශ ආයෝජන මත ඉදිකරන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම්වලට කිසිදු අයුරකින් මැදිහත් වී බාධා කිරීම් සිදු නොකරන ලෙස ද අභියාචනාධිකරණය ප්‍රාදේශීය ලේකම්වරියට නියෝග කර තිබේ.

විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, ව්‍යාපෘතිය සඳහා අදාළ සමාගම වගකිව යුතු ආයතනවල අනුමැතිය ලබාගෙන තිබියදී ප්‍රාදේශීය ලේකම්වරිය ඇගේ රාජකාරි සීමාව ඉක්මවා අනිසි ලෙස හා ද්වේෂසහගත ලෙස කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම්වලට බාධා කර ඇති බව අනාවරණය වන බවයි.

මෙවැනි කාරණාවලදී නිසි පරිදි කරුණු අධ්‍යයනය කර අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දීමට නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කළ යුතු බවද විනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම විසින් උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරියට විරුද්ධව අභියාචනාධිකරණයේ පවරා තිබූ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී ඇත.

පැමිණිලිකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සමඟ නීතිඥ නාමික් නාෆාත් මහතා පෙනී සිටි අතර, උඩපළාත ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙනී සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories