කිළිනොච්චියේ වට්ටක්කා වගා කළ ගොවීන්ට සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින අතර, බොහෝ ප්‍රදේශවල වට්ටක්කා ගොඩ ගැසී ඇති අයුරු දක්නට ලැබේ.
මේ වසරේ ගොවීන් 1200ක් පමණ වට්ටක්කා වගාකොට ඇතත්, ඔවුන්ගේ අස්වැන්න කිලෝවක් රුපියල් 8.00කටවත් අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව කිළිනොච්චියේ ගොවීහු පවසති.
බොහෝ ගොවීහු සිය වට්ටක්කා අස්වැන්න කඩා අලෙවි කිරීම පිණිස ගොඩ ගසාගෙන සිටියත්, වෙළෙන්දන් ඒවා මිලට නොගැනීම නිසා වැස්සට කුණු වී යන තත්ත්වයට පත්ව ඇති බවට ද ගොවීහු කියා සිටිති.