යටියන්තොට, කිරිපෝරුව වතුයායේ පිහිටි රබර් කම්හලක බොයිලේරුවක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙක් මියගොස් තිබේ.
අද (නොවැම්බර් 02) උදෑසන 8ට පමණ සිදුවූ මෙම අනතුරින් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.
අදාළ අනතුරින් මියගොස් ඇත්තේ, වත්තේම පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.
රබර් කිරි සමඟ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන බොයිලේරුවක් අනපේක්ෂිත ලෙස පුපුරා යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රුවන්වැල්ල පොලීසිය විසින් සිදුකරයි.