බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාට නව පත්වීමක් ලබාදී තිබේ.
ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, ඔහු විදේශ ආයෝජනය සඳහා ජනාධිපති විශේෂ නියෝජිතයා ලෙස පත් කර ඇත.