2026 ජූලි 31 සිකුරාදා, 01:56
නවතම පුවත්

රයිසුයි – කොත්තුයි කන්න ආදි සිසුන් ඉස්කෝලෙ ලැප්ටොප් උස්සලා

මීගමුව, කටාන ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිගේ නිල කාමරය කඩා එහි තිබූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා ලැප්ටොප් පරිගණක දෙකක් සොරාගෙන ඉන් එකක් උකස් කර ලබාගත් රුපියල් පහළොස් දාහක මුදලින් දින කිහිපයක් තිස්සේ ආපනශාලාවලට ගොස් කොත්තු රොටි සහ ප්‍රයිඩ් රයිස් කෑවැයි කියන ආදි සිසුන් දෙදෙනෙක් කටාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් විසින් පෙරේදා (27) අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් අවුරුදු දහ අටක සහ අවුරුදු දාහතක වයසේ පසු වන ආදි සිසුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර හෙළිකර ගත් තොරතුරු මත උකස් කරන ලද පරිගණකය සහ අනෙක් ලැප්ටොප් පරිගණකය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය සෙනසුරාදා රාත්‍රී කාලයේ මෙම ආදි සිසුන් දෙදෙනා විදුහල් භූමියට හොර රහසේ ඇතුළු වී එහි දොරක් කඩා පසුව විදුහල්පති නිල කාමරයට එහි කවුළුවකින් ඇතුළු වී මෙම පරිගණක දෙක සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පැවැසීය.විදුහල් භූමියට ඇතුළු වූ මෙම ආදි සිසුන් දෙදෙනා විදුහලේ සවිකර ඇති ප්‍රධාන ස්විචය අක්‍රිය කර එහි සවිකර ඇති සී .සී .ටී.වී. කැමරාවල ක්‍රියාකාරිත්වය අඩපණ කර මේවා සොරකම්කර තිබෙන බව පොලිසිය කියයි.

එහෙත් මෙම සැකකාර ආදි සිසුන් දෙදෙනා විදුහල් භූමියට ඇතුළු වන ආකාරය සී.සී.ටී.වී කැමරාවල රූප රාමු පරීක්ෂා කර බැලීමේදී දක්නට ලැබුණු බව පොලිසිය සඳහන් කරයි. කැමරාවලට සවි කර තිබූ වයර් ද කපා දමා තිබෙන බව පොලිසිය පවසයි.


විදුහලෙන් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා හෙළිවූ තොරතුරු මත මෙම දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ. එක් පරිගණකයක් උකස් කර ලබාගත් රුපියල් පහළොස් දහයේ මුදල වැයකර වරින් වර ප්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි කෑ බවත් අනෙක් පරිගණකය ද උකස් කර ලබාගන්නා මුදල්වලට ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි කෑමට සූදානම්ව සිටි බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිස් ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇතැයි කියති.අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු සුපිරි වෙළෙඳසලකින් ඇඳුම් කට්ටලයක් මිලදීගෙන ඇතැයි ද පොලිසිය කියයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories