2026 ජූලි 29 බදාදා, 19:50
නවතම පුවත්

වැඩ වරද්දා ගත් පරිසර ඇමතිගේ ලේකම්

වැලි විකි­ණීමේ ව්‍යාපෘ­ති­යක බල­ප­ත්‍ර­යක් ලබා­දීමේ කට­යුතු කිරීම සඳහා ලක්ෂ 15ක අල්ලස් මුද­ලක් ඉල්ලීමේ සිද්ධි­යට සම්බන්ධ වෙ‍ෙළඳ සහ පරි­සර රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යාගේ පුද්ග­ලික ලේක­ම්ව­රයා සහ තවත් සැක­ක­රු­වකු තව­දු­ර­ටත් ලබන සැප්තැ­ම්බර් 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (29) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබුවේ අමා­ත්‍ය­ව­ර­යාගේ පුද්ග­ලික ලේක­ම්ව­රයා වන යෝග­නා­දන් රෝෂ්මන් සහ කිතුල් වැව පදිංචි කෞකී­ක­රන් ප්‍රදී­පන් යන සැක­ක­රු­වන්ය.

පළමු සැක­කරු වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙදී ඊයේ දින ප්‍රකාශ කර සිටියේ සැක­ක­රුගේ ඥාති­යකු මිය­ගොස් සිටින හේතු­වෙන් ඔහුට එම අව­මං­ගල කට­යුතු සඳහා පෙනී සිටීම සඳහා කරුණු සලකා බලන මෙන්ද, සැක­ක­රුගේ හුස්ම ගැනීමේ අප­හ­සු­තා­ව­යක් පව­තින හේතු­වෙන් ඔහුව වෛද්‍ය­ව­ර­යකු වෙත යොමු කිරී­මට අවශ්‍ය බවත් සහ දෙවන සැක­ක­රුගේ මව පිළිකා තත්ත්ව­යෙන් පෙළෙන බව­ටත් කියා සිටි­යේය.

එලෙස කරුණු සලකා බැලූ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා පළමු සැක­කරු හට අව­මං­ගල්‍ය කට­යුතු සඳහා සහ­භාගි වීමට අදාළ අවශ්‍ය කට­යුතු සිදු කරන ලෙසට ද සැක­ක­රුගේ රෝගී තත්ත්වය පිළි­බ­ඳව බන්ධ­නා­ගාර රෝහ­ලට ඉදි­රි­පත් කරන ලෙසට ද බන්ධ­නා­ගාර නිල­ධා­රීන් හට නියෝග කළේය.

මහ­වැලි අධි­කා­රි­යට අයත් මහ­වැලි බී කලා­පයේ මඩ­ක­ලපු දිස්ත්‍රි­කයේ පිහිටා තිබෙන ජය­න්ති­යාය වැවේ රොන්මඩ ඉවත් කර එය නිස්සා­ර­ණය කර වැලි විකි­ණීමේ ව්‍යාපෘ­තිය සඳහා පැමි­ණි­ලි­ක­රුගේ පුද්ග­ලික සමා­ගම නමින් භූවිද්‍යා සමී­ක්ෂණ හා පතල් කාර්යාං­ශ­යෙන් වෙතින් ලබා­ග­ත­යුතු බල­පත්‍ර අමා­ත්‍ය­ව­ර­යාට දැනුම් දී ලබා­ගැ­නී­මට අවශ්‍ය කට­යුතු කර දීම වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ 15ක අල්ලස් මුද­ලක් තුටු පඬු­රක් ලෙස ඉල්ලන බවට පැමි­ණි­ලි­කරු අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ස­මට කළ පැමි­ණිල්ල ප්‍රකා­රව කළ වැට­ලී­ම­කදී මෙම සැක­ක­රු­වන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇත.
(සිර­න්ජනී කුමාරි – භාග්‍යා සිල්වා)

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories