ජනප්‍රිය නිළි ගයත්‍රි ඩයස් මහත්මිය, මෑතකදී අත්අඩංගුවට ගත් පාතාල නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ ඇය සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ප්‍රකාශයන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
අන්තර්ජාලය ඔස්සේ නිකුත් කළ ප්‍රකාශයක් මගින් ගයාත්‍රි ඩයස් මහත්මිය මෙම චෝදනා සත්‍යයෙන් තොර හා හානිකර බව පවසමින් ඒවා බැහැර කර ඇත. තවද, කිසිදු අපරාධ චරිතයක් සමඟ තමන්ට සම්බන්ධයක් නොමැති බවද ඇය අවධාරණය කර ඇත.
සංවේදී සටහනක් පළ කරමින් ඇය මෙසේ ලියා ඇත: “මා කළ එකම වරද වූයේ කලාකාරියක් වීම පමණයි”. තමන් කිසිදු වරදක් නොකළද, දිගින් දිගටම වේදනාවට හා විනිශ්චයන්ට මුහුණ දීමට සිදුව ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඇයගේ මෙම ප්‍රකාශ නිකුත් කෙරුණේ, ඉකුත් මාසයේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන නැවත ශ්‍රී ලංකාවට ගෙන ආ ‘පද්මේ’ සමඟ ඇය සබඳතා පවත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය සටහන් පෙළකට ප්‍රතිචාර වශයෙනි.
