මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් මුදල් උපයා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන “ලොකු පැටී” නමැත්තා සහ ඔහුට ආධාර අනුබල දුන්නේ යැයි කියන දේවාලයක කපු මහතා ලබන නොවැම්බර් මස 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළේය.
මෙම සැකකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් කර තිබෙන ඉල්ලීම් පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත්කරන බවද අධිකරණය සඳහන් කළේය.