2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:45
නවතම පුවත්

එන්ඩොස්කොපික් නාල ශල්‍යකර්මය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සිදු කෙරේ

එන්ඩොස්කොපික් යුස්ටේෂියානු නාල ශල්‍යකර්මය (endoscopic Eustachian tube surgery) ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඊයේ (ඔක්තෝබර් 21) මීගමුව මහා රෝහලේදී සිදු කර තිබේ. මෙම විශේෂ ශල්‍යකර්මය සිදු කර ඇත්තේ කන්, නාසය, ගෙල ශල්‍ය වෛද්‍ය විද්‍යා නිධි ආචාර්ය රිස්නි සක්කාෆ් මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

යුස්ටේෂියානු නාලයේ ඇතිවන අවහිරතා හේතුවෙන් මධ්‍ය කර්ණයේ ගැටලු ඇතිවිය හැකි බවත්, එමඟින් එහි තරල එක්රැස් වීම් හා පීඩන වෙනස්කම් ඇතිවිය හැකි බවත් ආචාර්ය සක්කාෆ් මහතා පැහැදිලි කළේය.

සාම්ප්‍රදායිකව මෙවැනි අවස්ථාවලදී කන් බෙරයේ කුඩා සිදුරක් සාදා තරලය ඉවත් කිරීම හෝ පීඩනය සමාන කිරීම සඳහා ග්‍රොමෙට් (grommet) නම් කුඩා ප්ලාස්ටික් නලයක් ඇතුල් කිරීම ශ්‍රී ලංකාවේ සිදු කෙරේ. “කන් බෙරයට හානි කළ පසු රෝගීන්ට පිහිනීමට නොහැකි අතර ස්නානය කරන විටද ඉයර්ප්ලග් භාවිතා කිරීමට සිදුවනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

නව ක්‍රමවේදය යටතේ විශේෂ උපකරණ භාවිත කරමින් නාසය හරහා කුඩා එන්ඩොස්කෝපයක් යුස්ටේෂියානු නාලය වෙතට ඇතුළු කර අවහිරතා ඉවත් කරනු ලැබේ. මෙම ක්‍රමය මඟින් කනෙහි මුල් ස්වභාවය ආරක්ෂා වන අතර, මධ්‍ය කර්ණයේ අවහිරතා ඉවත් කර රෝගීන්ට ස්ථිර සහනයක් ලබා දිය හැකිය.

ඊයේ සිදු කළ ශල්‍යකර්මය සාමාන්‍ය නිර්වින්දනය යටතේ ශල්‍යාගාරයේදී සිදු කෙරිණි. කෙසේ වෙතත්, මෙම ක්‍රමය සායනවලදී හෝ බාහිර රෝගී පසුබිම්වලදී ප්‍රාදේශීය නිර්වින්දනය යටතේ වුවද සිදු කළ හැකි බව ආචාර්ය සක්කාෆ් මහතා සඳහන් කළේය.

“මෙවැනි ශල්‍යකර්මයක් මීට පෙර ශ්‍රී ලංකාවේ සිදු කර නැහැ, නමුත් ඉන්දියාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදයේ මෙය සිදු කරනවා,” යැයි ආචාර්ය සක්කාෆ් මහතා පැවසීය. එක්සත් රාජධානියේ සිටියදී මෙම ශල්‍යකර්මය සිදු කිරීමේ අත්දැකීම් තමාට ලැබුණු බවත්, එය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට තමන් උනන්දුවෙන් සිටි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

ඊයේ (ඔක්තෝබර් 21) රෝගීන් තිදෙනෙකුට සාර්ථකව ශල්‍යකර්ම සිදු කළ බව ද ඔහු තහවුරු කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories