පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් සහ, වෛද්‍ය ආධාර අවශ්‍ය වී ඇත්නම් දැනුම්දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
0774 506 602 යන දුරකථන අංකය මෙලෙස හඳුන්වා දී ඇති අතර, එය පැය 24 පුරා ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
ආපදාවට පත්ව, වෛද්‍ය ආධාර අවශ්‍ය වී ඇත්නම්, ඉහත දුරකථන අංකයට ඕනෑම මොහොතක අමතන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටියි.