2026 ජූලි 27 සඳුදා, 07:26
නවතම පුවත්

ණය පොලී අනුපාතවල සැලකිය යුතු පහත වැටීමක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ණය අනුපාතය (AWPR) වේගයෙන් පහළ යමින්, 2022 මාර්තු මාසයේ ආර්ථික ඇනහිටීමට පෙර පැවති මට්ටමට ළඟා වී ඇති බව වාර්තා වේ. මහ බැංකුවේ ලිහිල් කරන ලද මුදල් ප්‍රතිපත්තිය වෙළෙඳපොළේ ණය පොලී අනුපාතවලට කාර්යක්ෂමව සම්ප්‍රේෂණය වීම මෙයට හේතුව වී තිබේ.

පසුගිය සතියේ දී බලපත්‍රලාභී බැංකු විසින් ඉහළම ණය ශ්‍රේණියේ පාරිභෝගිකයන් සඳහා භාවිත කරන AWPR අනුපාතය පදනම් ලකුණු 26කින් පමණ පහළ වැටී තිබේ.

පසුගිය සතිය අවසන් වන විට AWPR අනුපාතය සියයට 7.93ක් වූ අතර, එය අවසන් වරට වාර්තා වූයේ 2022 ජනවාරි 7 වැනිදා යි. බැංකු කිහිපයක් සියයට 7.61 තරම් අඩු අනුපාත ද පිරිනැමූ අතර, එයින් ඉහළ විශ්වාසනීයත්වයක් ඇති පාරිභෝගිකයන්ට අඩු මිලකට ණය පහසුකම් ලැබී ඇති බව පෙන්නුම් කෙරේ.

සාමාන්‍ය ණය අනුපාත පහත වැටුණද, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) අංශයේ පොලී අනුපාත අපේක්ෂිත වේගයෙන් පහළ නොයෑම පිළිබඳව මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.

ඊට ප්‍රතිචාර ලෙස, මහ බැංකුව විසින් MSME සඳහා පිරිනමන අනුපාත සම්පාදනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කර තිබේ. මහ බැංකු දත්ත අනුව, සාමාන්‍ය බර තැබූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අනුපාතය (AWSR) සහ සාමාන්‍ය බර තැබූ නව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අනුපාතය (AWNSR) 2025 අගෝස්තු මාසයේ දී පිළිවෙලින් සියයට 11.66ක් සහ සියයට 10.79ක් ලෙස වාර්තා වී ඇත.

මේ අතර, 2025 වසරේ මුල් මාස අට තුළදී පුද්ගලික අංශයට ලබා දී ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,128 ක් ලෙස සටහන් වී ඇති අතර, එය මෙතෙක් වසරක වාර්තා වූ ඉහළම ණය ප්‍රමාණය ලෙස සැලකේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories