ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, 2025 වසරේ පළමු මාස අටක කාලය තුළ මෙරට කොටස් වෙළෙඳපොළ කෙරෙහි විදේශ ආයෝජකයන්ගේ උනන්දුව සැලකිය යුතු ලෙස අඛණ්ඩව පහත වැටී තිබේ.
කෙසේ වෙතත්, මෙම කාලසීමාව තුළ කොටස් වෙළෙඳපොළ ඉතිහාසගත වාර්තා මට්ටම් කරා ඉහළ නැංවීමට මූලික වශයෙන්ම දායක වී ඇත්තේ දේශීය ආයෝජකයන්ගේ ප්‍රබල ක්‍රියාකාරීත්වය බව මහ බැංකු වාර්තා මගින් තහවුරු වේ.
දර්ශකයන්ගේ මෙම වර්ධනයත් සමඟම, වෙළෙඳපොළෙහි උච්චාවචනයන් හෙවත් විචල්‍යතාවද එම මුල් මාස අටක කාලය තුළ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.