ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ මූලික වටයේදී ක්‍රීඩා කළ තරග තුනම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී ඇත.
මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම චීනයට එරෙහිව ලකුණු 34-7ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය.
අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බලගතු ජපානය සමඟින් තරග වැදීමට නියමිතය.