ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී සිය භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 53ක් සොයාගත් බව නාවික හමුදාව පවසයි.
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට වූ සැකයක් මත මෙම ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් භාරයට ගෙන අද (ඔක්තෝබර් 17) පෙරවරුවේ ගාලු වරායට රැගෙන එනු ලැබීය.
එහිදී සිදුකළ සෝදිසි කිරීමේ දී මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකි වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් පස් දෙනෙකු නාවික හමුදාව විසින් මේ වනවිට සිය භාරයට ගෙන තිබේ. වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.