2026 මාර්තු 30 සඳුදා, 13:52
නවතම පුවත්

ඉෂාරාට සැඟව සිටීමට මතුගම පාතාලයෙන් උදව් ලැබිලා

ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දිට, එම සිද්ධියෙන් පසු මාසයකට ආසන්න කාලයක් මතුගම ප්‍රදේශයේ සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත්තේ මතුගම සුප්‍රකට පාතාල නායකයකු විසින් බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පොලිස් විමර්ශනවලට අනුව, කෙහෙල්බද්දර පද්මේ සහ මෙම මතුගම පාතාල නායකයා සමීප මිතුරන් වන අතර, එම මිතුදම නිසා සෙව්වන්දිට සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් ඔහු විසින් සලසා දී ඇත. විදේශගතව සිටින මෙම පාතාල නායකයා සිය කල්ලියේ සාමාජිකයන් යොදාගෙන සෙව්වන්දිගේ සුවදුක් සොයා බලා ඇයට නවාතැන් ගෙන සිටීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

මාසයකට ආසන්න කාලයක් මතුගම ප්‍රදේශයේ රහසිගත ස්ථාන කීපයක රැඳී සිටිමින් ඉෂාරා සෙව්වන්දි සිය ස්වරූපය වෙනස් කරගෙන ඇති අතර, දිගට තිබූ කොණ්ඩය කොටට කපා සිය රූප සෝභාවද වෙනස් කර ගැනීමට ඇය පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, ඉෂාරා සෙව්වන්දි මතුගම සැඟවී සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත තොරතුරක් ලැබීමෙන් පසු පොලිසිය එම ප්‍රදේශය පීරා සෝදිසි කිරීම් සිදුකර ඇතත්, ඒ වනවිටත් ඇය මතුගම ප්‍රදේශය අතහැර මාතරට පලා ගොස් තිබී ඇත. මාතර දින කීපයක් ගත කළ ඇය යාපනයට ගොස් එතැන් සිට මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා ගොස් ඇති බවද විමර්ශනවලින් හෙළි වී තිබේ.

මේ අතර, ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකරු ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි ඇතුළු අත්අඩංගුවේ සිටින සැකකරුවන් සිව් දෙනා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසය අවසර ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ඉෂාරා සෙව්වන්දි, ජේ. කේ. බායි සහ සුරේෂ් තක්ෂි යන සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories