2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 04:04
නවතම පුවත්

දීපාවලියට පෙර තලවකැලේ සතොස ඇතුළු වෙළෙඳසැල් වටලයි

දීපාවලි උත්සවය නිමිත්තෙන් තලවකැලේ නගර සභාවට අයත් වෙළඳසැල් සහ ආපනශාලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් (MOH) විසින් ඊයේ (ඔක්තෝබර් 15) දිනය පුරා විශේෂ සෝදිසි කිරීමකට ලක් කර තිබේ.

මෙම වැටලීමේදී තලවකැලේ සතොස වෙළඳසැල විශේෂ අවධානයට ලක් වූ අතර, එහිදී සුපිරි වෙළඳසැලක මාංශ ආහාර ගබඩා කළ ශීතකරණයක් මුද්‍රා තැබීමට සහ අර්තාපල් තොගයක් ඉවත් කිරීමට නිලධාරීන් නියෝග කර ඇත.
තලවකැලේ සුපිරි වෙළඳසැලක් පරීක්ෂාවට ලක් කිරීමේදී, විශාල වශයෙන් මාංශ ආහාර ගබඩා කර තිබූ ශීතකරණයක් කාර්මික දෝෂයක් හේතුවෙන් පැය දහයකට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වී තිබී ඇත. එම නිසා එම මාංශ ආහාර මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයක පැවතිණි.

මෙම හේතුවෙන් අධික වටිනාකමකින් යුත් මාංශ ආහාර ගබඩා කර තිබූ ශීතකරණය මුද්‍රා තබා, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ. තවද, මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝග්‍රෑම් පනහකට (50) ආසන්න ප්‍රමාණයක් ද එහි තිබී ඇති අතර, එම තොගය වහාම ඉවත් කිරීමට නියෝග කරන ලදී.

වතුකරයේ ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන දීපාවලී උත්සවය වෙනුවෙන් විශාල වශයෙන් ජනතාව තලවකැලේ නගරයට පැමිණෙන බැවින් මෙම වැටලීම සිදු කර ඇත. මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම, කල් ඉකුත් වීමට ආසන්න ආහාර භාණ්ඩ විකිණීම වැළැක්වීම සහ ආපනශාලාවල සෞඛ්‍ය තත්ත්වය උසස් මට්ටමක පවත්වා ගැනීම මෙහි අරමුණ වී තිබේ.

වැටලීමේදී අපිරිසිදු තත්ත්වයන් දැකගන්නට ලැබුණු තලවාකැලේ සතොස ඇතුළු ආපනශාලා සහ වෙළඳසැල් කිහිපයකට නඩු පැවරීමට කටයුතු කර ඇති අතර, සෞඛ්‍යයට අහිතකර ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් විනාශ කර දැමීමටද පියවර ගෙන ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කළේ ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරියටත් මෙවැනි වැටලීම් සිදු කරන බවයි.

මෙම වැටලීම සඳහා කොටගල, ලිඳුල සහ නවතිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ. කේසුදර්ශන් මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගී වී ඇත.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories