අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව සිදු කළ නඩු කටයුතුවලදී දඩ වශයෙන් රුපියල් මිලියන 25 කට අධික දඩ මුදලක් අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) පවසයි.
පසුගිය අප්‍රේල් මස 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා වූ මාස 06 ක කාලය තුළ සිදු කළ වැටලීම්වලින් මෙම දඩ මුදල් අය කරගෙන ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.
එහිදී දිවයින පුරා වැටලීම් 306 ක් සිදු කර ඇති අතර, ඉන් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සිදු කර තිබෙන බවත්, තවදුරටත් වැටලීම් සිදු කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පවසා සිටී.