2026 ජූලි 29 බදාදා, 14:58
නවතම පුවත්

ලෝක ආහාර දිනයේදී ශ්‍රී ලංකාවට ප්‍රබල පණිවුඩයක්

ලෝක ආහාර දිනය අදට (ඔක්තෝබර් 16) යෙදී ඇති අතර, මෙවර එහි තේමාව වන්නේ “වඩා හොඳ ආහාර සහ වඩා හොඳ අනාගතයක් සඳහා අත්වැල් බඳිමු” යන්නයි. මෙම දිනය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ආහාර සංවිධාන තුනක් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) මෙරට නියෝජිතයන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව මේ වන විට තීරණාත්මක සන්ධිස්ථානයක සිටින බවයි.

නිවේදනයේ දැක්වෙන්නේ, කුසගින්න සහ මන්දපෝෂණය අවම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් අත්පත් කරගෙන තිබුණ ද, ආර්ථික අස්ථාවරත්වය, දේශගුණික විචල්‍යතාව සහ වෙළෙඳපොළ කැලඹීම්වල ඒකාබද්ධ බලපෑම් පවුල් සහ ප්‍රජාවන්ට අඛණ්ඩව අභියෝග එල්ල කරමින් තිබෙන බවයි.

ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ද සියලු දෙනාගේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය තවමත් ඉටු වී නොමැති අපේක්ෂාවක් බවට පත්ව ඇත.

ග්‍රාමීය ප්‍රජාව මුහුණ දෙන අභියෝග
කුඩා පරිමාණ ගොවීන් ඇතුළු ග්‍රාමීය ප්‍රජාවන්ට වෙළෙඳපොළ, මූල්‍ය පහසුකම් සහ දේශගුණයට ඔරොත්තු දෙන තාක්ෂණයන් වෙත ප්‍රවේශවීම සම්බන්ධ බාධකවලට මුහුණ දීමට සිදුවන බව ද එම සංවිධාන පෙන්වා දෙයි.

“දේශගුණික විපර්යාස හේතුවෙන් වර්ෂාපතන රටා වෙනස් වෙමින් තිබේ. එසේම, කෘෂි ඵලදායිතාව අඩුවෙමින් ඇත. නාගරීකරණය හේතුවෙන් දැරිය හැකි මිලට සුරක්ෂිත ආහාර සැපයුමක් සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යයි. ග්‍රාමීය ප්‍රදේශවල සීමිත යටිතල පහසුකම් හේතුවෙන් වෙළෙඳපොළ වෙත සමාන ප්‍රවේශය සීමා වේ. මේවා එක් අංශයකට හෝ එක් පරම්පරාවකට විසඳිය නොහැකි පද්ධතිමය අභියෝග වේ,“ යැයි එම ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම නිවේදනය ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට සහ මාලදිවයිනේ නේවාසික නියෝජිත විමලේන්ද්‍ර ශරන්, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ මෙරට සහ මාලදිවයිනේ නේවාසික නියෝජිත ෂෙරිනා තබෑසුම් සහ ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත සහ දේශීය අධ්‍යක්ෂ පිලිප් වෝඩ් යන මහත්ම මහත්මීන් විසින් නිකුත් කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories