2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:45
නවතම පුවත්

ඉෂාරා රටින් පැන්න හැටි වමාරයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටි ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සමත් වී තිබේ.

අද (ඔක්තෝබර් 14) දහවල් පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව හෙළි කළේය.

පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත්වීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒකාබද්ධව, රාජතාන්ත්‍රික අනුග්‍රහය යටතේ නේපාලයේදී මෙම මෙහෙයුම සිදු කර ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඉෂාරා සෙව්වන්දි මිද්දෙණිය ප්‍රදේශයෙන් ඉන්දියාවට පලාගොස් ඇති අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 65ක් පමණ වැය කර ඇති බවයි. ඉන්දියාවේ සති තුනක පමණ කාලයක් රැඳී සිටීමෙන් පසු ඇය බස් සහ දුම්රිය මාර්ග ඔස්සේ දින 7කට පසු නේපාලයට ළඟා වී තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය නේපාලයේ කඳුකර ප්‍රදේශයක තට්ටු නිවසක ඉහළ මහලේ රැඳී සිට ඇති බව පොලීසිය පවසයි. ඇය ඊයේ (13) අත්අඩංගුවට පත්ව තිබේ.

ඉෂාරා සෙව්වන්දි සමඟ තවත් සැකකරුවන් සිව්දෙනෙකු ද නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අතර ඇයට රැකවරණය දුන් ද්‍රවිඩ පුද්ගලයෙකු, තවත් කාන්තාවක් සහ අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගේ සමීපතයන් තිදෙනෙකු ද සිටින බව පොලීසිය සඳහන් කළේය. මෙම පිරිස ඉදිරි දින කිහිපය තුළ දිවයිනට රැගෙන ඒමට නියමිතය.
සංවිධානාත්මක අපරාධකරුවකු වූ සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව පසුගිය පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩිතබා ඝාතනය කරන ලදී.

පසුව CCTV කැමරා පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ, සැකකාර වෙඩික්කරුට සහාය වූ කාන්තාවක්, නීති ක්ෂේත්‍රයේ භාවිත කරන පොතක් තුළ වෙඩිතැබීම සඳහා භාවිත කළ ගිනිඅවිය රැගෙනවිත් ඇති බවයි. පොලීසිය විසින් ඇය මිනුවන්ගොඩ පදිංචි ඉෂාරා සෙව්වන්දි බවට හඳුනාගෙන රතු නිවේදනයක් ද නිකුත් කර තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, රටින් පලා ගොස් සිටින අපරාධකරුවන් 40 දෙනෙකුට මේ වනවිට රතු නිවේදන නිකුත් කර ඇති අතර, මෙම වසර තුළ ඉන් අපරාධකරුවන් 18 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories