හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඔහු විසින් සිදුකළ බවට සඳහන් වන අක්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ජන අරගල සන්ධානයේ විධායක කමිටුව වෙනුවෙන් දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් විසින් අද (ඔක්තෝබර් 14) දින මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම වෙත භාර දී ඇත.