ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා විදුලි වෘත්තීය සමිති නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අතර සාකච්ඡාවක් අද (ඔක්තෝබර් 13) පස්වරුවේ බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු ඉල්ලීම් 24ක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බවයි.