අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ අරමුණු කර ගනිමින් ඊයේ (09) දිනය පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම් යටතේ පුද්ගලයන් 29,243 ක් පරීක්ෂාවට ලක් කළ බව පොලිසිය පවසයි.
පොලිසිය නිකුත් කළ වාර්තාවට අනුව, මෙම මෙහෙයුම්වලදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයන් 26 ක් හඳුනාගෙන ඇති අතර, සැකපිට පුද්ගලයන් 769 ක් අත්අඩංගුවට ගෙන ඇත.
තවද, මෙහිදී වරෙන්තුකරුවන් 173 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන පරීක්ෂා කිරීමේදී බීමත් රියදුරන් 28 ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් 20 ක්ද හඳුනාගෙන තිබේ.
මෙම මෙහෙයුම් මාලාව දිවයින පුරා අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමේ අරමුණින් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.