පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් ගුවන් යානා පියාසර කිරීම තහනම් කිරීමට රජය සූදානම් වන බවට තොරතුරු අනාවරණය කරමින් විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (08) රජයෙන් ඉල්ලා සිටියේ එම තීරණය වෙනස් කරන ලෙසයි.
මන්ත්‍රී මරික්කාර් මහතා අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ, “පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් ගුවන් යානා පියාසර කිරීම තහනම් කිරීමට පියවරක් ඇති බව අපට ආරංචි වී තිබෙනවා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් මේ තීරණය වෙනස් කරන්න කියලා,” යනුවෙනි.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “එක්සත් ජනපදයේ පෙන්ටගනයට ඉහළින් පවා ගුවන් යානා පියාසර කිරීමට අවසර තිබෙනවා. එසේ නම්, පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් ගුවන් යානා පියාසර කිරීම තහනම් කිරීමට අවශ්‍ය වන්නේ ඇයි?” යැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කළේය.
සංචාරක කර්මාන්තයට ඇති විය හැකි අහිතකර බලපෑම සලකා බලා රජය සිය ස්ථාවරය නැවත සලකා බලනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.