රබර් වගාකරුවන්ට රුපියල් 4000 ක පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ජනතව හමුවේ ප්‍රකාශ කරයි.
මෙරට රබර් වගාවට වසර ගණනාවක් තුළ පොහොර දැමීමක් සිදු කර නැති බවට ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් කරුණු පෙන්වා දී ඇති බවත්, ඒ හේතුවෙන් වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අඩු වී ඇති බවයි ඔහු සඳහන් කළේ.
මේ හේතුවෙන් රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් රාජ්‍ය පොහොර සමාගමේ සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
අදාළ පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ.