ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහායක තනතුර (ප්‍රථමික ශිල්පීය නොවන සේවා ගණයේ III ශ්‍රේණියේ) සඳහා පුද්ගලයින් 731 දෙනෙකු තෝරාගෙන තිබේ.
මෙම තෝරාගත් පිරිස සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්රදානය කිරීම හෙට (ඔක්තෝබර් 6) දිනයේදී අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.