නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා, ව්‍යාජ දත්ත යොදා ගනිමින් ලියාපදිංචි කර තිබූ ජීප් රථයක් සමඟ පුද්ගලයෙකු ඊයේ (ඔක්තෝබර් 02) උදෑසන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
CID නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත, මොරොන්තුඩුව පොලිස් වසමේ, අරියගම, දෙල්දූව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වාද්දූව, දෙල්දූව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක් වූ අයෙකි.
නීති විරෝධී ලෙස ගෙනා ජීප් රථය සහ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරොන්තුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, මොරොන්තුඩුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි. මෙම වැටලීම හරහා මෙවැනි ව්‍යාජ ලියාපදිංචි කිරීම් පිටුපස ඇති ජාලයන් හෙළි කර ගැනීමට අපේක්ෂා කෙරේ.