2026 ජූලි 25 සෙනසුරාදා, 22:12
නවතම පුවත්

ඊයේ දිනට මරණ හතරක්

පසුගිය ඔක්තෝබර් 02 වන දින දහවල් සිට අද (ඔක්තෝබර් 03) අලුයම දක්වා වූ පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මාරක රිය අනතුරු හතරක් (4ක්) වාර්තා වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් සිව් දෙනෙකුගේ ජීවිත අවාසනාවන්ත ලෙස අහිමි වී ඇත. මෙම සියලුම අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් මේ වන විටත් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

බිංගිරිය, කොස්ගහගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් වයස අවුරුදු 58ක් වූ යතුරුපැදිකරු තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇත.

හබරණ, හිරිවඩුන්න ප්‍රදේශයේදී පදික මාරුව හරහා ගමන් කළ වයස අවුරුදු 78ක් වූ පදිකයෙකු බස් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්විය. අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

චවලකඩේ, විලාවඩි හන්දිය ආසන්නයේදී යතුරුපැදියක් ට්‍රැක්ටර් රථයක් අභිබවා යාමට උත්සාහ කිරීමේදී රථය පාලනය ගිලිහී ට්‍රැක්ටර් රථයේ ගැටී පෙරළී තිබේ. අනතුරින් තුවාල ලැබූ වයස අවුරුදු 21ක් වූ යතුරුපැදිකරු රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇත.

තණමල්විල-වැල්ලවාය මාර්ගයේදී අලුයම සිදු වූ අනතුරකදී, වෑන් රථයක රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී ඇත. එම අනතුරින් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඉන් වයස අවුරුදු 56ක් වූ එක් මගියෙකු ජීවිතක්ෂයට පත්විය.

මියගිය පුද්ගලයන් සිව් දෙනාගේම මෘත ශරීර මේ වන විට අදාළ රෝහල්වල මෘත ශරීරාගාරවල තැන්පත් කර ඇති අතර, පොලිසිය සිද්ධීන් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories