2026 ජූලි 28 අඟහරුවාදා, 11:52
නවතම පුවත්

පොලිස් නිලධාරියෙකු ඝාතනයට තැත් කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට වසර 15ක සිර දඬුවම්

මීට වසර 17කට පමණ පෙර පොලිස් නිලධාරියෙකු වාහනයකින් යටකර මරා දැමීමට තැත් කිරීමේ චෝදනා ලැබූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 15ක සිරදඬුවමක් නියම කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෙම විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් ඊයේ (ඔක්තෝබර් 02) මෙම දඬුවම නියම කරන ලදී.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය අවධාරණය කළේ, නීති විරෝධී ක්‍රියාවල නිරත වන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මෙවැනි හානිකර ක්‍රියා සිදු කිරීම නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත්, විත්තිකරු සිදුකර ඇති ක්‍රියාව සුළුවෙන් තැකිය නොහැකි බැවින් අධිකරණයෙන් කිසිදු සමාවක් හිමි නොවන බවත්ය.

වසර 15ක සිරදඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 10,000ක දඩයක්ද නියම විය.

මෙම සිද්ධිය වාර්තා වන්නේ 2008 වසරේ ජනවාරි මස 17 වනදා දෙහිවල, නැදිමාල ප්‍රදේශයෙනි. මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කාර් රථයෙන් ගමන් කරමින් සිටි විත්තිකරුට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් නවතින ලෙස සංඥා කර ඇත.

එම අවස්ථාවේදී විත්තිකරු විසින් පොලිස් සැරයන්වරයා වාහනයෙන් යටකර මරා දැමීමට තැත් කිරීම සහ බරපතල තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි.

දීර්ඝ විභාගයකින් අනතුරුව තීන්දුව ලබා දුන් විනිසුරුවරිය ප්‍රකාශ කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කරන ලද චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇති බවයි.

දඬුවම් නියම කිරීමට පෙර කරුණු දැක්වූ රජයේ නීතිඥ කලන කොතලාවල මහතා සඳහන් කළේ, රටට පිළිලයක් වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට දිවි පරදුවට තබා කටයුතු කරන නිලධාරීන්ට අනතුරු සිදුකිරීම බරපතළ තර්ජනයක් බැවින් විත්තිකරුට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories