මොනරාගල ප්‍රදේශයේ පාසලක සිසුවෙක් සිදු කළ පහරදීමක් හේතුවෙන් ගුරුවරයෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අද (01) උදෑසන මෙම සිදුවීම සිදුවූ අතර, තුවාල ලැබූ ගුරුවරයා මේ වන විට මොනරාගල මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
අදාළ සිසුවා පාසලට ජංගම දුරකථනයක් රැගෙන ආ බව අදාළ ගුරුවරයා විමසූ අවස්ථාවේ දී මෙම පහර දීම සිදු කළ බවට සඳහන් වේ.