කතරගම වෙහෙරගල ජලාශ ප්රදේශයේදී විශාල ආයුධ ගබඩාවක් සොයාගැනීමට යුද හමුදාව සමත් වී තිබේ.
එහිදී T56 මැගසින් 74ක්, T56 LMG මැගසින් 36ක්, T81 මැගසින් සහ හඳුනා නොගත් තවත් මැගසින් කිහිපයක් හමු වූ බව වාර්තා වේ.
තවද, පතොරම් සහිත බවට සැක කෙරෙන පෙට්ටි 2ක් සහ ආයුධ සන්තකයේ යැයි සැක කරන ගෝනි 2ක් ද සොයාගෙන ඇත. මෙම සොයාගැනීම සිදු වී ඇත්තේ යුද හමුදාවට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරක් අනුව සිදු කළ විමර්ශනයක් හරහාය.