Google සමාගම විසින් සිය කෘත්‍රිම බුද්ධි වේදිකාව වන Gemini AI හි විශේෂාංගයන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රතිලාභ ශ්‍රී ලාංකික සිසුන් සඳහා කිසිදු වියදමකින් තොරව ලබා දීමට එකඟ වී ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම වැදගත් කරුණ සඳහන් කර සිටියේ, AI ජාතික එක්ස්පෝ (AI National Expo) ප්‍රදර්ශනය ආරම්භ කරමින්ය.
මෙම පුළුල් වැඩසටහන යටතේ දිවයින පුරා සිසුන්ට පහත සඳහන් සම්පත් වෙත ප්‍රවේශය ලැබෙනු ඇත
නවීනතම කෘත්‍රිම බුද්ධි මෙවලම්,ක්ලවුඩ් පරිගණක වේදිකා,ඩිජිටල් ඉගෙනුම් සම්පත්
මෙම පියවර මගින් ශ්‍රී ලංකාවේ AI සංවර්ධනය සහ ඩිජිටල් සාක්ෂරතාව සඳහා වන ජාතික ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය. එමගින් නව පරම්පරාවට නවෝත්පාදනය කිරීමට, සංකීර්ණ අභියෝග විසඳීමට සහ ගෝලීය වශයෙන් තරඟ කිරීමට බලය ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ආචාරධාර්මික භාවිතයේ වැදගත්කම ද අවධාරණය කළ අතර, සිසුන්ගෙන් ඉල්ලා සිටියේ මෙම බලවත් මෙවලම් වගකීමෙන් යුතුව සහ සමාජයේ යහපත උදෙසා භාවිත කරන ලෙසයි.