ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරේ අවසන් තරගය අද (26) පවත්වීමට නියමිතය.
මෙම තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවත්වෙන අතර, ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
මෙම තරගයේ ජය පරාජය කෙසේ වුවත් ඉන්දීය කණ්ඩාම මේ වන විටත් අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ඇත.