2026 ජූලි 29 බදාදා, 05:56
නවතම පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කවදාද ? – සජිත්ගෙන් ප්‍රශ්නයක්

ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව පැහැදිලි කිරීම් ඉල්ලා සිටියේය. ඒ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන දින වකවානු, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය සහ පළාත් සභා ඡන්දය පැවැත්වීම පිළිබඳව ප්‍රධාන තැනක් ගනී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි පරමාධිපත්‍ය ජනතාව සතු බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, එය බලගැන්වීම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ස්වාධීනව කටයුතු කළ යුතු බව අවධාරණය කළේය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ 194 වන පිටුවේ සඳහන් පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට රජය අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා වන කටයුතු ආරම්භ කර ඇත්දැයි ඔහු ප්‍රශ්න කළේය. එසේම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය සහ ඒ සඳහා වන කාලසීමාවන් ඉදිරිපත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අපේක්ෂා කරන දිනය සහ ඡන්දය සීමා නිර්ණයට හිර කර තවදුරටත් ප්‍රමාද කිරීම රජයේ ස්ථාවරයද යන්න පිළිබඳව ද විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය. අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය නැවත ගොඩනැඟීම සඳහා පළාත්බද රජයේ ප්‍රධාන අධිචෝදක කාර්යාල ඇති කරන බවට මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පොරොන්දුව ඉටු කරන්නේ කවදාදැයි ඔහු විමසා සිටියේය.

මහජන අවධානයට ලක් වූ නඩු සම්බන්ධ ඇතැම් විනිශ්චයකාරවරුන් ස්ථාන මාරු කිරීම, වැඩ තහනම් කිරීම සහ උසස්වීම් ලබා දීම පිළිබඳව සමාජයේ ඇති වී තිබෙන කතිකාවත පිළිබඳව රජයේ ඇගයීම ඉදිරිපත් කරන ලෙස ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය. මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් මෙවැනි වැදගත් කරුණු සම්බන්ධයෙන් කඩිනමින් පිළිතුරු දිය යුතු බවත්, ඒ සඳහා කල් ඉල්ලීම ගැන සිතාගත නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories