සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, රාජ්‍ය මුදල් රුපියල් කෝටි 07ක් අවභාවිතා කිරීම යන චෝදනාව මත ලබන ඔක්තෝබර් 02 දක්වා රිමාන්ඩ් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණු ඔහු, අද (18) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.