2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 22:33
නවතම පුවත්

තණමල්විලේ පාසල් සිසුන්ට දුම්වැටි විකුණු වෙළෙන්දා අත්අඩංගුවට !

තණමල්විල ප්‍රදේශයේ පාසල් සිසුන්ට විදේශයේ සිට ආනයනය කළ දුම්වැටි විකුණා ඇතැයි සැකපිට ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විවිධ රසයන්ගෙන් සමන්විත මෙම දුම්වැටි, ව්‍යාපාරිකයා විසින් පාසල් සිසුවෙකුට ලබා දී තිබුණ අතර, ඒ දුම්වැටියක් රු. 100කට ලබාගෙන ඔහු පාසල තුළ රු. 200කට විකිණූ බව අනාවරණය වී ඇත.

එම සිසුවාගේ ක්‍රියාකාරකම් පිළිබඳව වෙනත් සිසුවෙකු විදුහල්පතිට දැනුම් දීමෙන් පසු සිසුවා ගෙන්වා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ විදේශීය දුම්වැටි දෙකක් හමුවූ බවත් පොලිසිය කියා සිටියේ ය.

පසුව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී පොලීසිය අදාළ ව්‍යාපාරික ස්ථානය වටලා, සම්පූර්ණයෙන් දුම්වැටි 690ක් සහ දුම්වැටි විකුණා උපයාගත් රු. 360,000ක් භාරයට ගෙන ඇත.

අදාළ සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බව තණමල්විල පොලීසිය පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories