බොරැල්ල පොලිස් වසමේ සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය කියාසිටියේ, අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සතු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 710ක් සහ යතුරුපැදියක්ද සොයාගත් බවය.
මෙම ඝාතන සිද්ධිය 2025 අගෝස්තු 7 දා සිදුවූ අතර, එය සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශේෂ කාර්ය බළකායේ විශේෂ වැටලීම් ඒකකය විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව ඊයේ (12) දහවල් දමන පොලිස් වසමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකරු දමන, අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ, ඔහු කලකට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළාත්, 2015 වර්ෂයේ සේවයෙන් පලාගොස් ඇති බවයි.
දමන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.