ආසියානු කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ ‘A’ කාණ්ඩය නියෝජනය කළ පාකිස්තානය සහ ඕමානය අතර පැවති 4 වැනි තරගයේදී, පාකිස්තාන කණ්ඩායම ලකුණු 93ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් විය.
කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායකත්වය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, නියමිත 20 පන්දු වාර අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 160ක් රැස් කළේය. මෙහිදී Mohammad Haris ලකුණු 66ක් ලබාගත් අතර, Sahibzada Farhan ලකුණු 29ක් සහ Fakhar Zaman නොදැවී ලකුණු 23ක් ද ලබා ගත්හ. ඕමානය වෙනුවෙන් Shah Faisal සහ Aamir Kaleem කඩුලු 3 බැගින් ලබා ගැනීමට සමත් වූහ.
ලකුණු 161ක ඉලක්කය හඹාගන්නට පිවිසු ඕමාන කණ්ඩායම වාර 16.4 ක දී සියලු දෙනා දැවී ගිය අතර, එකතුව ලකුණු 67කට පමණක් සීමා විය. Hammad Mirza ලකුණු 27ක ඉනිමක් ගොඩනගා තිබුණද, අනෙක් ක්රීඩකයන්ගේ දක්ෂතාවයන් එම තරඟය ජයග්රහණයේ මාවතට ගෙන ඒමට අපොහොසත් වී තිබේ.
පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් Saim Ayub, Sufiyan Muqeem සහ Faheem Ashraf කඩුලු 2 බැගින් ලබා ගනිමින් විශිෂ්ට දායකත්වය සැපයීය.