2026 ජූලි 27 සඳුදා, 05:59
නවතම පුවත්

5% ක් අපේක්ෂා කළත් මාලිමා ආණ්ඩුවේ ආර්ථික වර්ධනය 3.1% ක් පමණයි !

මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3.1ක් පමණ වනු ඇතැයි මුදල් අමාත්‍යාංශ බලධාරීන් උපකල්පනය කර ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 9 වනදා රැස් වූ මෙම කාරක සභාවේදී 2025 වසරේ පළමු භාගයේ ආදායම, වියදම සහ ණය තත්ත්වය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මේ බව සඳහන් කර තිබේ.

අමාත්‍යාංශ බලධාරීන් අනාවරණය කළ පරිදි, 2025 වසරේ මුල් මාස හය තුළ රජයේ ආදායම, අපේක්ෂිත ආදායම් ඇස්තමේන්තුව වන රුපියල් බිලියන 2,241 ඉක්මවා යමින් රුපියල් බිලියන 2,318ක් දක්වා වර්ධනය වී ඇත. මෙය අර්ධ වාර්ෂික ආදායම් ඇස්තමේන්තුව සියයට 3කින් ඉක්මවා යෑමකි. විශේෂයෙන්ම, 2024 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 47ක ආදායම් වර්ධනයක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රුපියල් බිලියන 429ක ආදායමක් උපයා දුන් මෝටර් රථ ආනයනයයි. මේ වන විට වාහන 220,026ක් ආනයනය කර ඇති අතර ඉන් 154,537ක් රේගු නිෂ්කාශනය කර ඇත.

කෙසේ වෙතත්, 2025 වසරේ පළමු භාගයේදී රජයේ මුළු වියදම රුපියල් බිලියන 3,467ක් වී ඇති අතර, එය 2024 වසරේ එම කාලයට වඩා රුපියල් බිලියන 367ක වැඩිවීමකි. මෙම වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ණය සේවා ගාස්තු ඉහළ යෑමයි. ඊට අමතරව වැටුප්, විශ්‍රාම වැටුප්, සහ අස්වැසුම හා සමෘද්ධි වැනි සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා වන පුනරාවර්තන වියදම් ද ඉහළ ගොස් තිබේ.

මෙම වසරේ ආර්ථිකය සියයට 5කින් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය මංගල අයවැය කතාවේදී සඳහන් කළ බව මෙහිදී මතක් කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories