රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) නව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් තේරී පත්වී ඇත.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී COPA සභාපති ධුරය භාර ගෙන සිටි මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා ඉල්ලා අස්වීමත් සමඟ එම පුරප්පාඩුව සඳහා ඔහු මෙලෙස පත්කර තිබේ.
මෙම පත්කිරීමේදී, මන්ත්‍රී ජේ.සී. අලවත්තුවල මහතා කබීර් හෂීම්ගේ නම යෝජනා කළ අතර, එය මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ස්ථිර කරන ලදී.
අභිනව සභාපතිවරයා කාරක සභාව අමතමින් ප්‍රකාශ කළේ, දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින් සියලුම සාමාජිකයන්ගේ සහයෝගය උපරිම ලෙස උපයෝගී කරගෙන ඉදිරියට යාමට තම අභිලාෂය ඇති බවයි.