මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පළාත් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.
ඔහු තවදුරටත් අවධාරණය කළේ, දේශපාලන බලය වෙනුවෙන් පළාත් පාලන ආයතන භාවිත කළ පැරණි ක්‍රමවේදය අවසන් කර, ජාතික සංවර්ධන සැලැස්මකට අනුව කටයුතු කිරීමේ වැදගත්කමයි.
විශේෂ ව්‍යාපෘති කාර්යාල සඳහා විශාල පරිපාලන වියදමක් දැරීම වෙනුවට පවතින රාජ්‍ය ව්‍යුහය යටතේම විදේශ ණය සහ ආධාර ව්‍යාපෘති නියමිත කාලයට අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.
මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනයක ප්‍රධානීන් පිරිසක් හමුවී සාකච්ඡා කර තිබේ.
එහිදී, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමෙරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී ඇත. දෙරට අතර ඇති කර ගැනීමට නියමිත වෙළෙඳ ගිවිසුම් පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබේ.
මෙම හමුවට මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චංග් සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනයේ අධ්යක්ෂ එමිලි ඈෂ්බි මහතා ද සහභාගි විය.