අධිකරණ පද්ධතියට ගෙවීම් කිරීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීමේ මූලික අදියරක් ලෙස, කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ පහසුකම් අධිකරණ සේවාවලට හඳුන්වා දී තිබේ.
මෙහිදී, මහේස්ත්‍රාත් අධිකරණවල සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වන සියලු අධිකරණ ගෙවීම් දඩ, නඩු ගාස්තු, මුද්දර ගාස්තු සහ සහතික පිටපත් ගාස්තු කාඩ්පත් හරහා හෝ මාර්ගගත ගෙවීම් පද්ධතිය ඔස්සේ අන්තර්ජාලය මඟින් සිදු කිරීමට මහජනතාවට හැකියාව ලබාදෙන බව සඳහන් වේ.
එමෙන්ම, නීතිඥවරුන්ට සහ මහජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණය ආශ්‍රිත නඩු කටයුතු හා ගෙවීම් ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ් මඟින් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් ඊයේ (10) සිට ක්‍රියාත්මක කර ඇති බවද වාර්තා වේ.