මෙරට රන් මිල අද (08) දිනයේදී රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ තොරතුරු සඳහන් කරයි.
ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ “කැරට් 22” රන් පවුමක මිල අද රු. 271,000ක් ලෙස සටහන් වී ඇත. පසුගිය සෙනසුරාදා එම මිල රු. 266,400ක් ලෙස දැක්වුණු අතර, අද දිනයේ තුන්වතාවට ඉහළ යාම මෙහි විශේෂත්වයයි. “කැරට් 24” රන් පවුමක මිලද සෙනසුරාදා රු. 288,000ක් සිට රු. 293,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් කරයි.
කොළඹ හෙට්ටිවීදිය වෙළෙඳපොළේ අද උදෑසන සිට තෙවතාවක් යමින් රන් මිල ඉහළ ගොස් තිබීම විශේෂ අවධානයට ලක්ව තිබේ.