“Clean Sri Lanka” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන “සිහින ගමනාන්තය” දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර ඊයේ (02) තල්පේ දුම්රිය ස්ථානයේදී අරඹන ලදී.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහ ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහත්වරුන් මෙම උත්සවයට සහභාගී වූහ. නවීකරණ කටයුතු රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය එක්ව සිදු කිරීමට නියමිත අතර, ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා සහ ස්ටාර් ගාමන්ට්ස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ඒ. සුකුමාරන් මහතා අතර අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.
මෙම පළමු අදියර යටතේ තල්පේ දුම්රිය ස්ථානයේ නව Waiting Area එකක් සහ බැංකු ස්වයංක්‍රිය ටේලර් (ATM) සේවාවක් ස්ථාපනය කිරීමට නියමිතය. උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා, “Clean Sri Lanka” වැඩසටහනේ නිලධාරීන්, දුම්රිය නිලධාරීන් සහ මහජන නියෝජිතයන් එක්වූහ.